Wednesday 21 November 2012

0

වේගවත්ම දේ

Posted in
ලෝකයේ වේගවත්ම හතර දෙනා ඉන්නේ වැදි වරිගෙ බව කවුරුත් දන්නවා නොවැ.ඒ ගරු කටයුතු ඇත්තො තමයි මේ,

1.ඌරු වරිගේ එළු හාමි
2.ගොම්බෙටි ආරච්චිගේ චූ පාල
3.උසේන් බෝල්ට්ගේ බුකි රාල
4.වැදි ඩයිනොසෝර රයිනෝසිරස්

ඔන්න දවසක් මේ හතර දෙනාව වඩම්මවලා රූපවාහිනී නාලිකාවකින් සම්මුඛ පරීක්සනයක්ලු.මුලින්ම ඉතිං හැමෝගෙන්ම පොදු පුරස්නයක් අහනවා නොවැ.

*ලෝකයේ වේගවත්ම දේ කුමක්ද ?

මෙව්වා තමයි කස්ටියගෙ උත්තර

ඌරුවරිගෙ එළු හාමි             - විදුලිය
ගොම්බෙටි ආරච්චිගේ චූ පාල  - සිතුවිලි
උසේන් බෝල්ට්ගේ බුකි රාල        - ඇසි පිය ගැසීම
වැදි ඩයිනොසෝර රයිනෝසිරස්   - බඩේ අමාරුව

අන්තිම උත්තරේට නං හැමෝටම හිනා.
නාලිකා ප්‍රධානියාටත් වස ලැජ්ජාව.

පරීක්සක - ඇයි රයිනෝසිරස් මහත්තයා එහෙම කිව්වේ

වැදි ඩයිනොසෝර රයිනෝසොරස් - ඇයි මල්ලි දන්නෙ නැද්ද?

** ඊයෙ රෑ මට බඩේ අමාරුවක් හැදුනා නොවැ.මම හිතන්ඩත් කලින් ඇසිපිය ගහන්ඩත් කලින් ලයිට් එක දාන්ඩත් කලින් ..... හබොස් !!

0 comments:

0

කටුසු කැකුළො

Posted in
දවසක් කටුසු කැකුළොයි කැකුළියොයි පස් දෙනෙක් අමාරුවෙන් බිත්තියක් දිගේ බඩ ගානවලු.හිටි හමන්ම එක කැකුළෙක් සිංදුවක් කියනවා.අනේ හපොයි ... අනිත් කැකුළු කැකුළියො ටික හබස් ගාල බිම.
පුරස්නය - උන් ටික හිටි ගමන් බිමට මංගොච්චි වුනේ ඇයි ??
...
...
** ඒ කැකුළො ටික අනික් කැකුළගෙ සිංදුවට අත්පුඩි ගහල නොවැ.

0 comments:

0

මාලු තටාකය

Posted in
ඔන්ට ඉතිං මාලු තටාකෙක මාලුවො දහ දෙනෙක් සැපසේ වාසය කරනවලු.හිටි ගමන්ම එක මාලු කැකුලෙක්ට බඩේ අමාරුවක් හැදිල මැරිලා.දැන් ඉතිං මක් කොරන්ටැයි ?? අසල්වාසීන්ටත් හරිම දුකයිලු.මාලු කැකුළගෙ මලගමත් ඉවරවෙච්චි.කාටත් අදහගන්ට බැරි විදියට තටාකෙ වතුර එන්ඩ එන්ඩම වැඩි වෙනවලු.


ඔන්න මං දැන් පුරස්නයක් අහනවා.
තටාකෙ වතුර වැඩි වුනේ ඇයි ? 
හිතන්ට පුලුවනැයි ?
...
...
...
** මාලු නෑදෑයෝ ටික හති හල හලා අඬපු හින්දා තමා වතුර වැඩි වෙලා තියෙන්නේ.


හයියෙන් හිනා ඈ .

0 comments: